Workout එකකට පසු ගතයුතු ආහාර මොනවාද?

සාමාන්‍යයෙන් ඔබ ජිම් එකේ විනාඩි 30-45ක් පමණ ව්‍යායාම කළ පසු ඔබගේ මස්පිඩු වලට ඉතාමත් වැදගත් දෙයක් තමයි ප්‍රෝටීන් කියන්නෙ. ඒ ව්‍යායාම වලදී ඔබගේ මස්පිඩු වල කැඩුනු ටිෂූ අලුත්වැඩියා කිරීමට හා අලුතෙන් ඉදිකිරීමට ප්‍රෝටීන් අවශ්‍ය වීමයි. ඒ වගේම තව දෙයක් තමයි ව්‍යායාම වලදී පිටවන දහඩිය හා මස්පිඩු ප්‍රතිදහනය නිසා අඩුවන ග්ලයිකොජන්, එහෙමත් නැත්නම් සිරුරේ ප්‍රධාන ඉන්ධන මූලාශ්‍රය නැවත පිරවීමටත් ඊට සරිලන ආහාර ගැනීම වැදගත්. ඉතින් අපි බලමු මොනවද workout කළ පසු ගත යුතු ආහාර කියලා.

ප්‍රෝටීන් පවුඩර්
අධික වෙහෙසක් දරා වේගයෙන් සිදුකරන ව්‍යායාම පෙලකින් පසු ඔබගේ සිරුරේ ඇඩ්‍රිනලීන් මට්ටම අධික ලෙස ඉහළ ගොස් ඇති වෙලාවක ඝණ ආහාරයකට වඩා ඔබගේ රුචිය වැඩිවන්නෙ ද්‍රව සහිත ආහාරයකයි. ඉතින් එම අවස්ථාවේදී නිකම් වතුර පානය කරනවාට වඩා ප්‍රෝටීන් පවුඩර් මිශ්‍ර වතුර පානය කිරීමෙන් ශරීරයේ ප්‍රෝටීන් ප්‍රමාණය පවුම් 4.9කින් නැවත වැඩිවෙනවා.

යෝගට්
ශරීරයට අමතර ප්‍රෝටීන් හා කාබ්ස් ලබාගැනීමට යෝගට් හොඳ ආහාරයක්. ඒ වගේම තමයි ව්‍යායාම වලින් පසු මස්පිඩු වර්ධනයට යෝගට් වල අඩංගු ලියුසීන් සහ ඇමයිනෝ ඇසිඩ් ඉවහල් වෙනවා.

බිත්තර
වෙහෙසකර ව්‍යායාම පෙලක් අවසානයේ ඔබගේ සිරුරේ තැන්පත්ව තිබූ කොලීන් මට්ටම අඩුවෙනවා. කොලීන් කියන්නෙ ඔබගේ මස්පිඩු පාලනය කරන, මතකශක්තියට උදව්වන සහ අක්මාවට මේදය ගමන් කිරීමට උදව්වන පෝෂකයක්. එක් බිත්තරයක ඔබට දිනකට අවශ්‍ය කොලීන් මිලිග්‍රෑම් 126 අඩංගුවන අතර ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 6ක් අඩංගුවේ.

කොටේජ් චීස්
ගොඩක් චීස් වර්ග ප්‍රෝටීන් වලින් අනූනයි වගේම අධික සෝඩියම් ප්‍රමාණයක්ද අඩංගුයි. නමුත් කොටේජ් චීස් උකුයි, සෝඩියම් ප්‍රමාණය අඩුයි වගේම අධික ප්‍රෝටීන් වලින්ද සමන්විතයි. එම එක් චීස් කෝප්පයක ප්‍රෝටීන් ග්‍රෑම් 24ක් අඩංගුවේ.

කෝපි
ඔව් සාමාන්‍යයෙන් ව්‍යායාම ආරම්භ කිරීමට පෙර කෝපි අවුන්ස 8-12ක් පානය කිරීම ප්‍රශ්ණයක් නෑ. හැබැයි ඔබ ව්‍යායාම අවසන් කර කෝපි පානය කළහොත් ඔබේ ලේ වල අඩංගු ග්ලයිකෝජන් ඉක්මනින් මස්පිඩු වෙත ගමන් කරනවා.

අලිගැටපේර
ව්‍යායාම වලදී ඔබගේ මස්පිඩු හැකිලීම හෝ පෙරලීම වැනිදෑ වළක්වා ගැනීමට ඔබ ව්‍යායාම කරනවිට ඔබගේ සිරුරෙන් අඩුවන පොටෑසියම් ප්‍රමාණය නැවති පිරවිය යුතුවේ. අලිගැටපේර ගෙඩි භාගයක පොටෑසියම් මිලිග්‍රෑම් 488ක් අඩංගුවේ.

ටූනා
ඔමේගා 3 මේදය අඩංගු ටූනා, ව්‍යායාම නිසා ඔබගේ මස්පිඩු වල ප්‍රතිදහනය අඩුකරයි. නමුත් ටූනා නිතර ආහාරයට නොගැනීමට මතක තබාගන්න.මොකද එහි තරමක රසදිය අන්තර්ගත වන නිසා.

චොක්ලට් මිල්ක්
මේ පානයට පුලුවන් ඔබගේ ව්‍යායාම කරන වේලාව දීර්ඝ කරන්න. චොක්ලට් ඔබගේ දමනි ලිහිල් කර රුධිර ගමනාගමනය වැඩි කරයි. නමුත් ඔබ චොක්ලට් මිල්ක් එකට දමන සීනි මට්ටම් ගැන සැළකිලිමත්වන්න.

Jerky
Jerky කියන්නෙ තීරු කපා මේදය ඉවත්කොට වේලන ලද මස්. මේවා මස්මාංශ විකුණන හෝ සුපර් මාර්කට් වලින් ගන්න පුලුවන්. සිරුරට ප්‍රෝටීන් ලබාගන්න හොඳ ආහාරයක්.

කහ
ව්‍යායාම නිසා සිරුරට අඩුවන ඔක්සිකාරක නැවත ලබාගැනීමට කහ හොඳ ස්වාභාවික ඔසුවක්. අඹ, අන්නාසි වැනි පලතුරු පානයකට කහ තේ හැන්දක් මිශ්‍රකර පානය කරන්න.

හරි දැන් ඔබ දන්නවානේ එකකින් පස්සෙ මොනවද ගන්න ඕන ආහාර කියලා. කෘතීම ආහාරපාන වලට යන්නෙ නැතුව මේ වගේ දේවල් උත්සහ කරලා බලන්න.

Comments
(Visited 1,377 times, 1 visits today)

You May Also Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *