වැඩට යෑමට පෙර නොකළ යුතුදෑ 7ක්

උදෙන්ම නැගිටලා වැඩට යනවා කියන්නෙ සමහරු නම් හරි ආසාවෙන් කරන වැඩක්, ඒත් වැඩි දෙනෙක් එපාම කරපු දෙයක්. සඳුදා උදේට වැඩට යනවා කියන්නෙ ඉතින් අම්මෝ වහ කනවා වගේ වැඩක්. හරි කොහොමහරි අමාරුවෙන් නැගිටලා ලෑස්තිවෙලා වැඩට යන අපේ කට්ටිය උදේ වැඩට යන්න කලින් නොකළ යුතු දේවල් 7ක් තියනවා. අපි බලමු මොනවද ඒවා කියලා.

1. Alarm එක snooze කරන්නම එපා
උදේම alarm එකට නැගිටින එක කොච්චර අමාරු අති දුෂ්කර අධික අවදානම් සහිත වැඩක් වුනත් කවමදාවත් alarm එක snooze කරන්න නම් එපා. ඒකට හේතු 2ක් තියනවා. ඔව් පලවෙනි හේතුව ඒකෙන් වෙන්න ඔයාට තව ටිකක් පරක්කු වෙන එක විතරයි. අනිත් හේතුව ඔබ කර ඒ අතරතුර ලබන සුළු නින්ද ඔබට නැගිටීම පෙරටත් වඩා අමාරු කරනවා. ඒ නිසා ඒ වෙනුවට ටිකක් කලින් නිදාගන්න බලන්න. එතකොට හරි.

2.ඊමේල් චෙක් කරන්න එපා
වැඩට යනකම් ඊමේල් චෙක් කරන්න එපා. ඔව් අපි දන්නවා සමහරු පුරුද්දක් විදිහට උදෙන්ම කරන්නෙ ඊමේල් චෙක් කරන එක. හැබැයි අපි අහනවා ඇයි වැඩට යන්න කලින් ඊමේල් බලලා අප්සට් ඊමේල් තිබ්බොත් මූඩ් එක අප්සට් කරගෙන වැඩට යන්නෙ? දවස පටන්ගන්නත් කලින් මූඩ් එක අප්සට් කරගත්තම දවසම ඉවරයි නේද?

3. උදේට උණු වතුර නාන්න එපා
මේක ඉතින් කොළඹ වගේ පැතිවල අයට නම් අදාලම නෑ. හැබැයි නුවර වගේ පැතිවලට යනකොට උදෙන්ම එන සීතලත් එක්ක ගොඩක් අය බලන්නෙ උණුවතුර නාලා යන්න. අපි සීතල වෙලාවෙ උණුවතුර දාගෙන ෂවර් එක යටට ගියාම මොකද වෙන්නෙ? අපේ ඇඟට හරි සනීපයක් දැනෙනවා. ඒ සනීපය නිසාම අපි ටිකක් වැඩිපුර වෙලා ෂවර් එක යට ඉන්නවා. ඒකෙන් අපිට පරක්කු වෙනවා විතරක් නෙවෙයි අපිට දැනෙන ඒ සනීපයත් එක්ක අපේ ස්නායු පද්ධතිය හිතනවා දැන් මූ මේ ලෑස්තිවෙන්නෙ විවේක සුවයෙන් ඉන්න කියලා. ඉතින් ඔන්න අපේ මාංශපේශී රිලැක්ස් වෙන්න පටන්ගන්නවා. ඒත් එක්කම අපේ හෘද ස්පන්දන වේගයත් අඩුවෙන්න පටන්ගන්නවා. අන්තිමට අපේ ඇඟට වෙහෙස බර ගතියක් දැනෙන්න පටන්ගන්නවා. ඒකෙන් ඇත්තටම ඇඟ විවේකගන්න සූදානම් වෙනවා.

උදේ මේ වැඩට යන්න තියෙද්දි මොන විවේකද නේද? ඒ නිසා උදේට ඈලිමෑලි ගතිය යන්න හොඳ සීතල වතුරෙන් නාන්න.

4. උදේට කාමරේ අවුස්සන්න එපා
කලින් දවසෙ රෑට ඊට පහුවෙනිදට අඳින පලඳින දේවල් ටික සූදානම් කරලා තියන්න. හෙට අඳින්නෙ මොකද්ද කියලා අද රෑම තීරණය කරන්න. මොකද උදේ නැගිටලා ඕවා කරන්න ගියොත් ඒකෙන් වෙන්නෙ පරක්කු වෙන එක විතරක් නෙවෙයි මනසත් අවුල් වෙලා අන්තිමට ඔබ අපිලිවෙල ඇඳුමක් ඇඳගෙන යාමයි.

5. උදෙන්ම කාබෝහයිඩ්‍රෙට් කන්න එපා
ගොඩක් අපි උදේට පුරුදුවෙලා තියෙන්නෙ පාන් බනිස් වගේ කෑමක් කාලා වැඩට දුවන්න. හොඳම නැති වැඩක් ඒක. ඒ වෙනුවට ප්‍රොටීන් අධික ආහාරයක් ගන්න පුරුදුවෙන්න. එය ඔබගේ සෞඛ්‍යයටත් හිතකර වන අතර දවස ශක්තිමත්ව ප්‍රබෝධමත්ව පටන්ගන්නත් උදව්වනවා.

6. උදේට කාපු ගමන්ම දත් මදින්න එපා
කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඒකෙන් කට පිරිසිදු වෙනවා කියලා. නමුත් ඇත්ත කතාව තමයි ඒකෙන් වෙන්නෙ උදේ ආහාරයේ අඩංගුව තිබුනු සීනි නැවත ඔබගේ දත් මතුපිටට එන එක. ඒක ඔබගේ එනැමලයට කාවැදී එනැමලය හානිවෙනවා. හොඳම වැඩේ උදේ නැගිට්ට ගමන් දත් මදින එක.

7. වැඩට යන්න පමණක් ප්‍රමාණවත් වෙලාව තියාගෙන එළියට බහින්න එපා
මොකද මගතොට ඔබව ප්‍රමාද කරන මොනවගේ සිදුවීම් වෙයිද කියන්න බෑනේ. ඉතින් ටිකක් වැඩිපුර වෙලාව තියාගන්න. ඒ විතරක් නෙවෙයි අපි දැකලා තියනවා සමහරු පුදුම කලබලේකින් වැඩට දුවන්න. ඇයි? ටිකක් රිලැක්ස් එකේ වැඩට යන එකත් විඳිමින් යන්න.

Comments
(Visited 1,273 times, 1 visits today)

You May Also Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *