ෂෝට ගැන දැනගනිමු

20වන සියවස අගභාගයේ යුරෝපය සහ ඇමෙරිකාවේ ෂෝට්ස් ඇඳීම මිනිසුන්ට තහනම් වුනා. මොකද ෂෝට එහෙමත් නැත්නම් කොට කලිසම පාසැල් ළමුන්ගේ නිල ඇඳුමවූ නිසාත් එය වැඩිහිටියන්ට ඇඳීම නුසුදුසු යැයි ඇතිවූ මතය නිසාය. නමුත් දෙවන ලෝක යුධ සමයේ ලෝකයේ විවිධ ස්ථාන වෙත ගිය භට පිරිස් උණුසුම් කාලගුණයට ඇන්දේ කොට කලිසම්ය. එතැන් පටන් ජනප්‍රියවූ කොට කලිසම අද වනවිට පිරීමින්ගේ මෙන්ම ගැහැණුන්ගේද විලාසිතාවක් බවට පත්වෙලා තියනවා. විශේෂයෙන්ම සුවපහසුවට මුල්කරගත් මෙම කොට කලිසම නිවාඩුවට ව්‍යායාම හෝ වෙනත් ශාරීරික ක්‍රියාවක් කිරීමට වගේ විවිධ අවස්ථාවල අපේ අය අඳිනවා. අද අපි මේ ලිපියෙන් බලමු මොනවද වෙළඳපලේ තියන ෂෝට්ස් වර්ග කියලා.

Board Shorts for Men

1

බැගීස් යනුවෙන්ද හඳුන්වන මෙය දනහිස දක්වා දිගැති නිදහස් ලෙස සැකසූ ෂෝට් එකකි. සමහර ෂෝට් ඉලාස්ටික් වලින්ද සමහර ෂෝට් ලේස් වලින්ද සමන්විතවේ. බොහෝවිට මෙය ජලක්‍රීඩා සඳහා සුදුසු ඉක්මණින් වියලෙන නයිලෝන් අමුද්‍රව්‍යකින් නිමවා ඇත.

 

Men’s Bermuda Shorts

2

1950 කාලවකවානුවේ මෙම විලාසිතාව ඇරඹි අතර දනහිස් දක්වා දිග මෙම කලිසමෙහි උපතට උරුමකම් කියන්නේ බර්මියුඩා දූපතයි. කල්පැවැත්මෙන් ඉතාම හොඳ හුරුබුහුටි කොට කලිසමක් වන මෙය දිග කලිසමේම කොට version එකකි. ඒ කියන්නෙ දිග කලිසමක ආකාරයටම මෙහි සාක්කු, සිප්, waistbands පිහිටා ඇත.

Bicycle Shorts for Men

3

සිරුරට හොඳින් සම්බන්ධවන මෙම කොට කලිසම දනහිසට මදක් ඉහල ප්‍රදේශය දක්වා දිගින් යුත්වේ. බයිසිකල් පැදීමේ ක්‍රීඩාව සඳහා වඩාත් උචිත ලෙස නිමවා ඇති මෙහි සයිකල් සීට් එක හා සම්බන්ධ වන ස්ථානයේ පැඩින් එකක් යොදා ඇඳසිටින්නාට වඩාත් සුවපහසුවක් එක්කර ඇත.

 

Boxer Shorts for Men

4

මෙය යට ඇඳුමකි. ඉලාස්ටික් ඉඟපටියකින් සමන්විත මෙය නිදහස් සුවපහසු පැලඳුමකි. මෙය සිල්ක් කොට්න් වැනි විවිධ ආකාරයෙන් වෙලඳපොලේ ඇත.

 

Men’s Cargo Shorts

5

විවිධ ආම්පන්න ගොඩක් අරං යන අයට ගැළපෙනම ෂෝට තමයි මේක. මොකද මේකෙ සාක්කු ගොඩක් තියනවා. කලවයේ මැද සිට දනහිසට මදක් පහළ දක්වා දිග ප්‍රමාණ වලින් ඇති මෙම ෂෝටෙහි පහළ කොටසේ කලිසමෙන් පිටට විශාල සාක්කු පිහිටා තිබෙනවා.

 

Cut-offs for Men

6

මෙහි මුල්ම විලාසිතාව පැමිණියේ දිග කලිසම් කපා කොට කලිසම් සකසා ගැනීමෙන්ය. මෙහි නිසියාකාර දිගක් නැත. විවිධ දිගවල් වලින් ඇති අතර අද වෙළඳපලේ දිග කලිසමින් කපා නිමවූසේ පෙනෙන ආකාරයට මෙම ෂෝට නිර්මානය කර ඇත.

 

Dress Shorts for Men

7

Meeting business associates for lunch at the club or attending an executive
barbeque වැනි casual occasions සඳහා අඳින මෙම ෂෝට ඉතාමත් සරල වැඩිවැඩ නොදැමූ එකකි. තනි පාටින් එන මෙය සාක්කු දෙකකින් හා සිප් එකකින් සමන්විතවේ.

 

Men’s Golf Shorts

8

මෙහි එකම විශේෂත්වය වන්නේ ගොල්ෆ් ක්‍රීඩකයන් හට ගොල්ෆ් බෝල එකක් හෝ දෙකක් රැඳවිය හැකි ප්‍රමාණයේ සාක්කු දෙකක් පිහිටීමයි.

 

Men’s Gym Shorts

9

ව්‍යායාම හෝ වෙනත් ඕනෑම ශාරීරික ක්‍රියාවක් කිරීම සඳහා සුදුසු ආකාරයට නිමවා ඇති මෙම ෂෝට fleece fabric, lighter weight nylon, mid-weight knits, or cotton blends වැනි අමුද්‍රව්‍ය වලින් නිමවා ඇත. කලවය මැද සිට දනහිස දක්වා විවිධ දිගින් ඇත.

 

Lederhosen for Men

10

ජර්මානු සාම්ප්‍රදායික ක්‍රමයට නිමවා ඇති මෙම ෂෝට් එක ලෙදර් ෂෝට් එකකි. මෙහි සමහර ෂෝට් වල විශේෂ පටියක් උරහිස හරහා පලඳින ලෙස සකස්කොට ඇත. Oktoberfest වලට ගොඩක් වෙලාවට අඳින්නෙ මේ ෂෝට තමයි.

 

Men’s Swimming Shorts

11

ට්‍රන්ක් ලෙස හඳුන්වන්නේ මෙන්න මේක තමයි. දනහිසට ඉතාම ඉහලින් අඳින මෙය පිහිනුම් ක්‍රීඩා සඳහා උචිත ලෙස නයිලෝන් වලින් නිමවා ඇත. මෙහි අඩංගුවෙනවා දැලක්. ඒක තියෙන්නෙ පිහිනන විට ජලය නිසියාකාර ෂෝට හරහා ගමන් කරන්න. එවිට පිහිනුම්කරුට කිසිදු බාධාවක් නෑ.

 

 

 

 

 

 

Comments
(Visited 5,814 times, 1 visits today)

You May Also Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *