Love Handles නැති කරමු

ආහාර පාලනය කළයුතු ආකාරය

1. කැලරි ප්‍රමාණය අඩුකරන්න: ශරීරයේ බර සහ අනවශ්‍ය මේදය අඩුකරගැනීමට නම් ඔබ විසින් දිනකට ලබාගන්න කැලරි
ප්‍රමාණය කැලරි 500කින් වත් අඩුකරගත යුතුයි.

2. ක්ෂණික සහ බැදුම් සහිත ආහාර සීමාකරන්න: සාමාන්‍යයෙන් ක්ෂණික සහ බැදුම් ආහාරවල කැලරි ප්‍රමාණය ඉතාමත්
ඉහළයි.

3. කාබෝහයිඩ්‍රේට් වෙනුවට එළවළු ආහාරය වැඩිකරන්න: කාබෝහයිඩ්‍රේට් ඔබගේ උදරයේ සහ ඉන ප්‍රදේශයේ මේදය වැඩිපුර
තැන්පත් කරනවා

4. මේදය අවම මස්මාංශ ආහාරය වැඩිකරන්න: කැලරි අවම කරනවිට ව්‍යායාම ආරම්භ කරනවිට සිරුරට අනිවාර්ය වන්නේ
ප්‍රෝටීන්ය. ඉතින් ප්‍රෝටීන් අධික මේදය අවම මස්මාංශ ආහාරය වැදගත්.

5. වතුර පානය වැඩිකරන්න: දිනකට වතුර වීදුරු 8 එහෙමත් නැත්නම් ලීටර 3ක් වත් පානය කල යුතුයි.

ඒහා සමගාමීව ආරම්භ කලයුතු ව්‍යායාම

1. ඇරෝබික් ව්‍යායාම ආරම්භ කරන්න: උදරයේ සහ ඉන ප්‍රදේශයේ මේදය අවම කරගැනීමට කාඩියෝ ව්‍යායාම කිරීම
අනිවාර්යයි. සතියට දින 5ක් දිනකට විනාඩි 30-40 බැඟින් සිදුකල යුතුයි. මෙයට බයිසිකල් පැදීම, පිහිනීම හෝ දිවීම වුවද
ඇතුලත් කරගත හැක.

2. විවේක ගනිමින් ව්‍යායාම කරන්න: එකදිගට ව්‍යායාම සිදුකරනවාට වඩා විවේක ගනිමින් ව්‍යායාම සිදුකිරීමෙන් කැලරි දහනය
වඩාත් කාර්යක්ෂමවේ.

3. එදිනෙදා කටයුතු කාර්යක්ෂමව සිදුකරන්න: ගෙවතු වැඩ, විදුලි සෝපාන වෙනුවට පඩිපෙල් භාවිතය, වාහනය වෙනුවට
පයින් යාහැකි දුර පයින් යෑම වැනි කටයුතු වලට හුරුවන්න.

සිරුර ශක්තිමත් කිරීමේ ව්‍යායාම ආරම්භ කරන්න

1. Abdominal (ab) crunches

1
2. Bicycle crunches

2
3. Reverse crunches

3
4. Planks

4
5. Side planks

5

6. Swimmers

6

Comments
(Visited 2,212 times, 1 visits today)

You May Also Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *