ඔෆිස් එකට හරිම ටයි එකයි බෙල්ට් එකයි දාමු

ඔෆිස් යනකොට අපි හැමෝම කැමතියි හරිම විදිහට අඳින්න. අපි නොදැනුවත්කම නිසා ගොඩක් වෙලාවට වැරදි ෆැශන් භාවිතා කරනවා. ඒ අතරින් අපේ අය ගොඩක් වරද්දගන්න දෙයක් තමයි ටයි එක සහ බෙල්ට් එක. ඉතින් අද අපි කතා කරමු ඔෆිස් එකට හරිම ටයි එක සහ බෙල්ට් එක දාන විදිහ.

1. ටයි එක කොච්චර දිග වෙන්න ඕනද?
සාමාන්‍යයෙන් ටයි එකේ අග තුඩ බෙල්ට් එකේ බකල් එක ස්පර්ශ වෙන තරමට තිබිය යුතුයි.

2. ටයි බාර් එකක් පලඳින්න ඕනද?
ටයි බාර් එක සාමාන්‍යයෙන් උසස් සහ උත්සව පෙනුමක් ගෙන එනවා. ඒ වගේම අනවශ්‍ය ආකර්ශනයක් පෙන්වනවා. ඒ නිසා සතියට දෙවරක් පමණ පැලඳීම ප්‍රමාණවත්.

3. මොන පාට ටයිද පලඳින්න ඕන?
අප පෙර ලිපියක කතාකළ ආකාරයට ඇඳුමත් එක්ක ටයි එක ගලපන්න ඕන. සාමාන්‍යයෙන් රතට හුරු පාට ටයි තමයි ඔෆිස් එකට ගැළපෙන්නෙ.

4. මෝස්තර තියන ටයි හොඳයි
තනිපාට ටයි වලට වඩා මෝස්තර සහිත ටයි ඔෆිස් වටපිටාවට වඩාත් ගැලපෙනවා.

දැන් අපි බලමු බෙල්ට් එක ගැන.

1. බෙල්ට් එකට කොච්චර දිග වෙන්න ඕනද?
මෙහි විශේෂයක් නෑ. පළල් ඉනක් සහිත නම් දිග බෙල්ට් එකක්ද සිහින් ඉනක් සහිත නම් කෙටි බෙල්ට් එකක්ද පැලඳිය යුතුයි. සිහින් ඉනක් සහිත අය දිගු බෙල්ට් එකක් පැලඳින්න එපා. ඒකෙ වැඩි කොටසක් එළියට ඉතුරුවෙන එක එතරම් ගැලපෙන්නෙ නෑ.

2. බෙල්ට් එකේ සිදුරු අතර දුර?
බෙල්ට් එකේ සිදුරු අතර දුර ඔබගේ පහසුවට බලපානවා. ඒ නිසා ඔබගේ කලිසමට ප්‍රමාණයට වඩා ප්‍රමාණ දෙකක් හෝ තුනක් ලොකු බෙල්ට් එකක් තෝරාගන්න. මොකද ඒ බෙල්ට් වල සිදුරු අතර හොඳ පරතරයක් තියනවා. ඒ වගේම ලිහිල් හෝ අධික ලෙස ඇදුනු පෙනුමෙන් බෙල්ට් එක දාන්න එපා.

3. බකල් කැප්?
සමහර බකල් වල පිටිපස්සෙන් කැප් එකක් එනවා. මේ සිදුරු එන්නෙ නැති බෙල්ට්. මේවා අපිට ඕන ප්‍රමාණයට අපිට අවශ්‍ය හරිම ප්‍රමාණයට එහාමෙහා කර පලඳින්න පුලුවන්. බෙල්ට් එක අනවශ්‍ය ලෙස දිග නම් ඔබට අවශ්‍ය ප්‍රමාණයට කපා පලඳින්න.

4. බකල් එකේ ප්‍රමාණය?
බෙල්ට් එකේ පළලට වඩා විශාල බකල් වලට යන්න එපා. ඔෆිස් එකට ගැළපෙන්නෙ නෑ. ඒ වගේම එහි මතුපිට පැතලි විය යුතුයි. කැටයම් එපා. සරල කොටු හෝ රවුම් හැඩැති බකල් පමණක් පලඳින්න.

5. බෙල්ට් එකේ පාට
කවදාවත් පිරිමි අය කැපිලා පේන පාටවල් අඳින්නෙ නෑ. සාමාන්‍යයෙන් ඔබගේ කලිසමේ පාටට සමාන හෝ ළඟින් යන පාටක බෙල්ට් එකක් පලඳින්න.

Comments
(Visited 14,493 times, 1 visits today)

You May Also Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *