පිරිමි අත් ඔරලෝසුවක් මිලදීගැනීමට පෙර සලකාබැලිය යුතු දේවල්

1. Style
ඔබ සිදුකරන කාර්ය ඔබ යන ගමන සහභාගී වන උත්සව හෝ වෙනත් අවස්ථාවන් අනුව ඔබ පැලඳිය යුතු අත් ඔරලෝසුව වෙනස් වනවා. අද වෙලඳපලේ ප්‍රධාන වශයෙන් chronograph, automatic, sport, and luxury යන මාදිලි වලින් ඔරලෝසු ඔබට මිලදීගන්න පුලුවන්.

උදාහරණ ලෙස ඔබ වෘත්තීමය සම්බන්ධ කටයුතු වලට සහභාගී වන විට luxury watch හෝ pocket watch එකක් පැලඳීම වඩාත් සුදුසු වන අතර බාහිර හෝ ක්‍රීඩා වැනි ක්‍රියාකාරකම් වලට සහභාගී වන විට sport or automatic watch පැලඳීම වඩාත් සුදුසුවේ.

2. Analog vs. Digital
ඔව් අපි හැමෝම දන්නවා ඇනලොග් ඔරලෝසු කියන්නෙ පැය සහ තප්පර කටු අඩංගු ඔරලෝසු වන අතර ඩිජිටල් ඔරලෝසු තාක්ෂණිකව අංක මඟින් වේලාව පෙන්වන ඔරලෝසුවේ. මෙයින් බොහෝවිට luxury and casual watches ඇනලොග් වර්ගයටද sport watches ඩිජිටල් වර්ගයටද අයත්වේ.

ඉතින් අද අපිට ගොඩක් අයට වෘත්තීමය කටයුතු සඳහා ඇනලොග් ඔරලෝසු භාවිතා කරනවා දකින්න පුලුවන්. ඒකට හේතුව එහි ඇති වෘත්තීමය පෙනුමයි. මේ ඔරලෝසු තමයි ගොඩක්ම fashionable. ඒ වගේම Omega සහ Rolex තමයි මිලෙන් අධික සුඛෝපභෝගී ඇනලොග් ඔරලෝසු නිපදවන්නේ.

ඩිජිටල් වලට එනකොට ඒවායේ තාක්ෂණික අංගෝපාංග වැඩියි. ඒ වගේම ඒවායේ Alarm, Stop Watch වැනි විවිධ අමතර පහසුකම්ද අඩංගුවේ. බොහෝවිට මේවා sport watches වර්ගයට අයත්වන නමුත් ඔබ තාක්ෂණික මෙවලම් වලට ප්‍රියකරන්නෙක් නම් ඔබට ඩිජිටල් ඔරලෝසුවක් තෝරාගත හැක.

3. Timer Capabilities
මේක බොහෝවිට අදාල වෙන්නෙ ඩිජිටල් ඔරලෝසු වලට. සමහර ඔරලෝසු තියනවා මලලක්‍රීඩකයන් වැනි කාලය හා සම්බන්ධ කටයුතු බෙහෙවිත් වැදගත් අය වෙනුවෙන්. එම ඔරලෝසුවලට පුලුවන් තාක්ශණය හරහා ඔබ දුවන දුර ලබාගෙන එය කාලය හා සසඳා ඔබව වැදගත් තොරතුරු රාශියක් ලබාදෙන්න. ඉතින් ඔබ එවැනි ක්‍රියාකාරකම් වල නියැලෙන කෙනෙක් නම් ඔබට එවැනි ඩිජිටල් ඔරලෝසුවක් මිලදීගැනීම බෙහෙවිත් වැදගත්.

4. Tachymeter Function
මේකෙන් ඔරලෝසුවට අමතර පෙනුමක් වගේම වැදගත් කාර්යක්ද සිදුවෙනවා. ටැකිමීටරය කියන්නෙ ඔබ දැක ඇති සමහර ඔරලෝසුවල එහි පිටත් රාමුවේ වටේටම ඉලක්කම් පිහිටලා තියනවා. අන්න ඒක තමයි මේ. මොකක්ද මේකෙන් වෙන්නෙ?

ටැකිමීටරයෙන් ගණනය කරන්නේ දුර අනුව වේගයයි. උදාහරණයක් ලෙස රේස් එකක අදාල පුද්ගලයාගේ වේගය නිර්ණය කිරීම වැනි කටයුතු වලට මෙය වැදගත්වේ. නමුත් බොහෝ එයට මෙය සහිත ඔරලෝසු මිලදීගන්නේ එහි ඇති අලංකාරය නිසාය.

5. Material
ප්‍රධාන වශයෙන් ඔරලෝසු නිපදවන්නේ canvas, gold, silver, titanium, and plastic වලිනි. රන් සහ රිදී ඔරලෝසු සුඛෝපභෝගී පෙනුමක් ගෙන එන අතර ටයිටේනියම් ඔරලෝසු බැලූ බැල්මට එම පෙනුමටම තිබෙන නමුත් එතරම් වටිනාකමක් ගෙනදෙන්නේ නෑ.

Canvas watches කැෂුවල් පැලඳීමක් ලෙස භාවිතා කල හැකි අතර ප්ලාස්ටික් ඔරලෝසු ජනප්‍රිය වන්නේ sport watches අතරය.

6. Water Resistance
අද වන විට බොහෝ ඔරලොසු පැමිණෙන්නේ ජලය කාන්දු නොවන පහසුකම සහිතවයි. එනමුත් ඔබ බාහිර ක්‍රියාකරම් හෝ ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම් හෝ ක්‍රීඩා වල නියැලෙන්නෙක් නම් ඒ ගැන වැඩිපුර සලකාබලන්න. ඊට අමතරව ඔබ කිමිදුම්කරුවෙක් නම් ඔරලෝසුව ගෙන යාහැකි ගැඹුර පිළිබඳවද සොයාබලන්න.

7. Brand
Brand එක සහ style එක අතර සැලකිය යුතු සම්බන්ධයක් නම් නෑ. මේ brand එක තමයි ලස්සන මේ brand එක ලස්සන නෑ වගේ දෙයක් නම් නෑ. මෙහි විශේෂත්වය තියෙන්නෙ එය නිමවා ඇති ආකාරය හා මිල අනුවයි. ඔරලෝසුවලට ලොව ප්‍රසිද්ධ වන්නේ ස්විට්සර්ලන්තයයි. Omega වැනි ස්විස් ඔරලෝසු ශිල්පීය වශයෙන් හා සංකීර්ණත්වයෙන් ඉහලයි. ඒ වගේම එම නිර්මාණ ඉතාම උසස් පෙනුමක් ගෙන එනවා. ඔබගේ වියදම් කිරීමේ හැකියාව හොඳයි නම් වගේ මිල අධික සුඛෝපභෝගී ඔරලෝසු තමයි ඒ. අනෙක් අතට Casio වගේ ඔරලෝසු පහසු මිලගණන් සහ කැෂුවල් පෙනුම ගෙන එනවා.

තීරණය ඔබ අතේ…

Comments
(Visited 6,215 times, 1 visits today)

You May Also Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *