හරි සුවඳ විලවුන් හරියට භාවිතා කරමු

ෂා මචං මොකක්ද ඔයා use කරන perfume brand එක? මාර සුවඳයි නේ! අපෝ ඔයාගෙ perfume එකට මට ඔලුවෙ කැක්කුමයි. Perfume පාවිච්චි කරන අපිට නිතර සමාජයේ ඇහෙන දෙබස් තමයි ඔය. සමහරු ඉන්නවා පාරෙ මඟ තොටේ බස් එකේ කෝච්චියේ ඔෆිස් එකේ ළඟින් ගියත් හැතැප්මක් විතර ඈතින් ගියත් මාර සුවඳයි. ඒත් සමහර අපි අතර ඉන්න අය කොච්චර වියදම් කරලා එක එක ජාතියෙ perfume ගත්තත් දවසින් දෙකෙන් ඒකෙ සුවඳ නෑ කියලා වද වෙනවා. ගොඩක් අය කියනවා දවසක් දෙකක් ගියාම ඒ සුවඳ නහයට හුරු වුනාමලු එහෙම වෙන්නෙ. ඉතින් සමහර අය perfume නානවා. මාස 2-3 පාවිච්චි කරන්න පුලුවන් perfume එක සතියෙන් ඉවර කරගන්නවා. මේ හැමෝම වෙනුවෙන් අද අපි කතා කරමු කොහොමද හරි perfume එකක් හරියට පාවිච්චි කරන්නෙ කියලා.

ඔබ දන්නවාද පිරිමින් කාන්තාවන්ට ආකර්ෂණය වන්නේ ඔවුන්ගේ දෘෂ්ටියෙන්, ඒ කියන්නෙ ඇස් දෙකෙන් දැකීමෙන්. හැබැ‍යි කාන්තාවන් පිරිමින්ට ආකර්ෂණය වන්නේ ඉවෙන්. හිනා ගියා නේද? ඔව් හිනා යනවා, හැබැයි විද්‍යාත්මකව ඇත්ත එයයි. ඒ කියන්නෙ පිරිමින්ට වඩා කාන්තාවන් ආඝ්‍රාණයට සංවේදී, ඒ නිසා පිරිමින්ගේ සුවඳ කාන්තාවගේ හෝමෝන පිබිදීමට හේතුවනවා. ඉතින් ඔවුන් ආකර්ශණය වෙනවා. මේක බොහෝවිට කාන්තාවනුත් නොදැනුවත්.

හරි කමක් නෑ මූලිකව සුවඳ විලවුන් ඔබගේ ආකර්ශණය (විශේෂයෙන්ම කාන්තාවන් අතර ) වැඩි කරන අතර ඔබගේ විශ්වාසනීයත්වයද වැඩි කරනවා. හරි අමතර කතා ඇති මුලින්ම අපි අපේ perfume බෝතලේ අඳුර ගමු. ගන්න ඔයාගේ perfume බෝතලේ අතට. මොනවද ඔයා ඕක ගැන දන්නෙ? ඔව් සුවඳ හොඳයි පිරිමි සුවඳක් හොඳ බ්‍රැන්ඩ් එකක්! එච්චරද? මදි මදි තව තියෙනවා. බලන්න perfume බෝතලේට හොඳට කිට්ටුවෙලා. නිකං තේරෙන්නැති ප්‍රංශ වචන මොනාහරි තියෙනවද? බලන්න මේ වචන වලින් එකක් තියනවද කියලා…

Eau Fraiche
Eau de Cologne
Eau de Toilette
Eau de Parfum
Perfume

ආ… තියනවා නේද? හරි ඔය එක එක perfume වර්ගය වෙනස් වෙන්නෙ ඒවායේ අඩංගු perfume oil එහෙමත් නැත්නම් විලවුන් තෙල් ප්‍රමාණයේ ප්‍රතිශතය අනුවයි. විලවුන් තෙල් ප්‍රතිශතය වැඩිවෙන්න වැඩිවෙන්න ඒ perfume එක යෙදූ පසු එහි සුවඳ පවතින කාලය වැඩිවේ. බලන්න පහත සටහන ඔබට හොඳින් තේරේවි මෙය.

 

Fragrance-Concentration-Guide-600

 

Eau Fraiche: සුවඳින් සැර අඩුම perfume එක මෙයයි. 1-3% perfume oil, මධ්‍යසාර හා ජලය මිශ්‍රිත මෙහි සුවඳ පවතින්නේ පැයකටත් අඩු වේලාවකි.

Cologne: මෙය පැරණිතම perfume වර්ගයයි. ස්වාභවික ශාකසාර, මල් හෝ පලතුරු සුවඳ යොදා නිපදවන මෙහි 2-4% perfume oilද මධ්‍යසාර හා ජලයද මිශ්‍රිතයි. පැය 2ක් පමණ සුවඳ පවතියි.

Toilette: 5-15% ure perfume essence සහ මධ්‍යසාර අඩංගු මෙහි සුවඳ පැය 3ක් පමණ පවතියි.

Perfume: ඉතාමත් අනර්ග සුවඳ විලවුන් වර්ගයට අයත්වන මෙහි 15-20% අතර ure perfume essence අඩංගුවේ. මෙහි සුවඳ පැය 5-8 අතර පවතියි.

Parfum: නියම perfume මෙයයි. මිලෙන් අධික වටිනාකමි වැඩි ඉස්තරම් සුවඳක් සහිත මෙහි අසුරනයද වටිනාකමින් වැඩි අමුද්‍රව්‍ය වලින් නිපදවයි. 20-30% අතර ure perfume essence අඩංගුවන මෙහි එක් බිංදුවක් ආලේපකර එහි සුවඳ පැය 24ක් පමණ විඳිය හැක.

හරි අපි දැන් බලමු කොහොමද සුවඳ විලවුන් ආලේප කරන්නේ කියලා. ඕක ඇඟ පුරාම නෑවා කියලා වැඩක් වෙන්නේ නෑ. විලවුන් යෙදිය යුතු විශේෂ තැන් සිරුරේ තියනවා. බලන්න පහත රූපය.

 

Fragrance-Application-Chart-600

 

ඉහත ලකුණු කර ඇති ස්ථාන වලින් එක් ස්ථානයක් හෝ දෙකක් තෝරාගෙන විලවුන් යොදන්න. මේ ස්ථාන තමයි කාර්යක්ෂම හා සුවඳ සිරුරේ රඳවා තබාගන්නා තැන්. හරි මේ ස්ථාන වලට විලවුන් යොදනවිට සැලකියයුතු දේවල් ටිකක් තියනවා.

1. වියළි සමට පමණක් විලවුන් යොදන්න: නාලා ආවට පස්සෙ සමහි සිට අඟල් 3-6 ඇතින් ස්ප්‍රේ කරන්න. ඒ තමයි හරිම විදිහ.

2. සරලව පටන්ගන්න: ඔබගේ perfume එක අලුත් නම් පපු පෙදෙසට එක්වරක් ස්ප්‍රේ කිරීම ප්‍රමාණවත්. ටික දවසක් ගොස් එය හුරුවූ පසු අනෙක් ස්ථාන වලට යොදන්න

3. සිරුරේ උණුසුම් ස්ථාන වැදගත්: ඔබගේ සිරුරේ උණුසුම් ස්ථාන තමයි විලවුන් සුවඳ සිරුර පුරා ගෙනයන්නේ. ඉතින් ඉහත රූපයේ අප පෙන්වා ඇති උණුසුම් ස්ථාන භාවිතා කරන්න.

4. Perfume එකේ වර්ගය අනුව පමණක් නැවත ස්ප්‍රේ කරන්න: සැර අඩු perfume එකක් නම් පමණක් කිහිප වරක් යොදන්න..

5. සුවඳ නැති කරගන්න එපා: perfume එක ස්ප්‍රේ කර සම අතුල්ලන්න එපා. එතකොට එහි සුවඳ ඉක්මණින් අඩුවනවා.

6. වාතයට මුසු කරන්න එපා: ගොඩාක් ඈතින් විහිද යන ලෙස ස්ප්‍රේ කරන්න එපා. කෙලින්ම සමට යොදන්න.

7. ඇඳුම් වලට ස්ප්‍රේ කරන්න එපා: perfume සමට සංවේදී වන ලෙසයි නිපදවා ඇත්තේ. ඉතින් නිකම් ඇඳුම් වලට ගහලා ඇඳුම් දිරන්න දෙන්න එපා.

8. ඇඟට හලන්න එපා: ඔබට ඇත්තේ ස්ප්‍රේ නොකරන perfume එකක් නම් බෝතලේ විවරයට එක ඇඟිල්ලක් තබා බෝතලය උඩුයටිකර ඇඟිල්ලට එන ටික සිරුරට යොදන්න.

9. ඉතාම අඩුවෙන් සුවඳ දැනීම ප්‍රමාණවත්: perfume කියන්නෙ අනිත් අයට බලෙන් සුවඳ වද්දවන දෙයක් නෙවෙයි.

10. ඔබේ කැමැත්තට ඉඩදෙන්න: අනෙක් අය කියන perfume එක නොව ඔබට හොඳයි කියලා හිතෙන perfume එක පාවිච්චි කරන්න. මොකද හැමොගෙම සමට එකම perfume එක හරියන්නෙ නෑ.

Comments
(Visited 11,100 times, 5 visits today)

You May Also Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *